‘සමනලිය සහ අලියා’
Dharshana සහෝදරයා ආරාධනා කරා Colombo Think Tank හි මේ සතියේ මාක්ස්වාදය සහ කලාව ගැන යම් අදහසක් දක්වන්න. ඒ සදහා මම තෝරාගත්ත මාතෘකාව වෙන්නේ ෆ්රීඩා කාලෝ සහ දියෙගෝ රිවේරාගේ කලාව ගැන මාක්ස්වාදී කියවීමක් (රිවේරාගේ Man at the Crossroads සහ කාලෝගේ My Dress Hangs There යන කෘතීන් ගැන විශේෂ අවධානයක් යොමුකරමින්) යන්න. කලාකාරිනියන් විදිහට මේ දෙදෙනාම මගේ ඇතුලේ ඉතිරිකරපු ලොකු ආස්වාදය තිබෙනවා. ඒ නිසාම මේ සාකච්චාවේදී මම උත්සහ කරන්නේ යම් ඇගයුම් මානයක් නිර්මාණය කරන්න ෆ්රීඩා-දියෙගෝ ජීවත්වූ ලෝකය සහ අපේ ලෝකය අතර. ජෝන් බර්ජර් වරක් සටහන් කර තැබූ පරිදී ”දියෙගෝ රිවේරාගේ චිත්ර වල ඔහු අඩංගු කරන චරිත සහ වස්තූන් අයිති වන්නේ අනාගතයට, ඔහු ඒ චරිත සහ වස්තූන් ස්ථානගත කරන්නේ ස්මාරක වශයෙන්, යම් විදිහකට උදාවී නිමාවූ ඉතිහාසයක් සටහන් කර තැබුමට වාගේ. නමුත් ෆ්රීඩා කාලෝගේ චිත්ර ඇතුලේ ඇත්තේ අසීමාන්තික හික්මීමක් සහිත වර්තමානයක් පමණයි. ඇය ඒ වර්තමානය තුළ අඩංගු කරන සියල්ල ඉතා සජීවීව අතීතයේ මුල් බීජ වලට ගමන් කරයි”. මේ සිත්තරා සහ සිත්තරියගේ ඉහත කෘතීන් දෙක බර්ජර්ගේ මේ ඇගයුම් මානයන් තුළට දැමිය හැකිද?